පොහොට්ටුවේ ලොකු පුටුවක් ජොන්ස්ටන්ට – පළාත් පාලන සභිකයින් පත්කරන්නත් කමිටුවක්!

0
3


කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඊයේ (09) රැස්වූ දේශපාලන මණ්ඩලයේදී එම තීරණය ගෙන ඇති අතර පළාත් පාලන ආයතන සදහා සභිකයන් නම් කිරීම පිළිබද අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්කමිටුවක්ද පත් කර ඇත.

ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා සහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේදී එම රැස්වීම පැවැත්විණි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here