පොස්පේට් පොහොර වංචාව ගැන චාමර සම්පත්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද

0
5


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ, අද (03) දින බදුල්ල බන්ධනාගාරයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ, ලංකා පොස්පේට් සමාගම මගින් 2023-2024 කාලසීමාව තුළ රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන්, රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමෙන් පසු ලැබුණු අධිකරණයෙන් ලැබුණු අවසරය මතය.
ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පෙස්පේට් මෙට්‍රික් ටොන් 29,982ක් D.M Traders, Disaru International, Ichiban යන පුද්ගලික සමාගම් තුනකට අපනයනය සඳහා අලෙවි කර ඇති බව අදාළ පැමිණිල්ල සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි අධිකරණයේදී සඳහන් වී තිබිණි.
ඉහත සමාගම් වෙත ඇණවුම් ලබාදීමට නියම කර ඇත්තේ හිටපු රාජ්‍ය ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් බවට ප්‍රකාශ මගින් අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව සහ ඉහත global projects සමාගම සමග ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here