පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති කියයි

0
18


නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු  කඳවුරේ පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමින්.

Neth Sound · ANURA 01

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළා. 

Neth Sound · ANURA 02

මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල්  231ක් මෙම පෙළපාලියේදී විසිර ගියා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here