Monday, May 19, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොලිස් නිලධාරියාට පණු රෝල් දුන් පෑලියගොඩ හෝටලේ වැසේ

පොලිස් නිලධාරියාට පණු රෝල් දුන් පෑලියගොඩ හෝටලේ වැසේ

0
9


peliyagoda-hotel-that-gave-worm-rolls-to-police-officer-to-be-closed​පොලිස් නිලධාරියෙකු ආහාරයට ගත් රෝල් එකක පණුවෙකු සිටි බවට වාර්තා වූ සිද්ධියක් හේතුවෙන් පෑලියගොඩ සයිනබ් හෝටලයේ හිමිකරු රුපියල් 45,000ක දඩයකට හා හෝටලය තාවකාලිකව වසා දැමීමේ නියෝගයකට ලක් විය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය විසින් පසුගියදා (23) මෙම නියෝගය නිකුත් කරන ලදී.
අධිකරණ නියෝගය අනුව පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි අරුමුගම් රාජේන්ද්‍රන් නමැති හෝටල් හිමිකරුට දඩ මුදල නියම කර ඇති අතර,
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලැබෙන තෙක් හෝටලය තාවකාලිකව වසා දැමීමටද නියම කර තිබේ.
සිද්ධියට අදාළව කැලණිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයශංඛ රත්නායක මහතා වෙත ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. සිද්ධිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන වයි.වී ලක්මාල් ද සිල්වා හා ඩී.පී.එස්. චින්තක යන මහත්වරුන් අධිකරණයට පැවසුවේ
බස්නාහිර උතුරු අපරාධකොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සිය දිවා ආහාරය සඳහා එම හෝටලයෙන් රෝල් එකක් ගෙන්වා ගත් බවයි.
උසස් පොලිස් නිලධාරියා එම රෝල් එක සිය බත් පත සමඟ මිශ්‍ර කර ආහාරය ගැනීමට සූදානම් වන අවස්ථාවේදී එහි පණුවෙකු සිටිනු දැක ඇත. ඔහු වහාම ඒ පිළිබඳව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් අතර, ඉන්පසුව කැලණිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට පැවසූහ.
මෙම සිද්ධිය ආහාර ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතර, මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් ආහාර සපයන ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සහ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදු කෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here