පොල් තෙල් – කෑම හදන්නට රුව නංවන්නට

0
4

පොල්තෙල් කියූ පමණින් අප මතකයට නැගෙන්නේ රසවත්ව ආහාර පිළියෙළ කරගැනීමට අපට උදව්කරන තෙල් වර්ගයක්එහෙම නේද ඒත් ඔබ දැනගෙන සිටියාද පොල්තෙල් ඔබව සොඳුරු රුවැත්තියක කිරීමටද සමත් බව ….

තෙතමනය ආරාක්ෂා කිරීම

අප සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ආලේපනයන් භාවිතා කරනවාඑහෙත් පොල්තෙල් මඟින් මේ කාර්යය ඉටු කරගත හැකි බව බොහෝ දෙනෙකුන් නොදන්නා කරුණක්.

සමේ රැළි අවම කිරීම

වෙළඳපොලේ ඇති මිළ අධික ඒ වගේම රසායන ද්‍රව්‍යන්ගෙන් පිරුණු ආලේපන වෙනුවට ස්වභාවික පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරිපුන් පොල්තෙල් ඔබට තරුණ පෙනුමක් ගෙන දෙනවා.ඒ වගේම පිරිමදිමින් ආලේප කිරීමේදී සමටඉතා ඉක්මනින් අවශෝෂණය කරගන්නා බැවින් ඇලෙන සුළුගතියක් දැනෙන්නෙත් නැහැ.

ක්ලෙන්සර් එකක් ලෙස

සමෙහි ගැඹුරටම ගමන්කර කුණු දුහුවිලි ඉවත් කිරීමට පොල්තෙල් සමත් බව ඔබ දන්නවාද 

වියළි සමට පොල් තෙල් මිශ්‍ර පැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල්තෙල්
  • කිරි
  • ආමන්ඩ් පිටි මේස හැඳි 2
  1. සියල්ල හොඳින් මිශ්‍ර කරගන්නමඳ වෙලාවක් තබන්න.
  2. මුහුණේ ඒකාකාරිව අතුරන්න
  3. සියුම්ව රවුමකට පිරිමදින්න
  4. උණු දියෙන් පොඟවා ගත් තුවායකින් මුහුණ ආවරණය කරගන්න.විනාඩි 10 -15 ත් අතර කාලයක් තබන්න.
  5. අනතුරුව මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගන්න.
  6. අයිස් වතුර ටිකක් මුහුණට ඉසින්න.
  7. වාතයෙන් වියලා ගන්න.පිරිසුදු පොල්තෙල් බිංදු කිහිපයක් මුහුණට ආලේප කරගන්න.

ඉතින් ඔබත් අධික වියදමකින් තොර මේ ස්වභාවික පෝෂණයෙන් පිරිපුන් ආලේපය ගල්වා රූ සපුව ඔප්නංවා ගන්නජීව ගුණයෙන් පිරිපුන් වන්න.ඒ වගේම මතක තියාගන්නනිවසේ හිඳ ගත් අතිශයින් සුපිරිසුදු පොල්තෙල් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බව…….

– චම්මි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here