පොඩිත්ත ගේ කාමරයට ලස්සන Valance

0
11


Valance එමෙ නැත්තම් වඩිම්බු කාමරයකට එක් කරන්නේ අමුතු අලංකාරයක්. නමුත් සාම්ප්‍රදායික valance වෙනුවට පොඩිත්තගේ කාමරයට වෙනසක් එකතුකරල බලමුද?

මේ ලස්සන valance සැරසිලි පොඩ්ඩගේ කාමරයට වැඩි ලස්සනක් ගෙනදේවි. කිසිම කරදරයක් නැතිව ඔබට තනියම වැඩි වියදමකින් තොරව මෙම සැරසිලි නිර්මාණයකරගන්න පුළුවන්.

1

බැලේ නැටුමට ප්‍රියකරන ඔබේ පුංචි සුරංගනාවියගේ කාමරය සරසන්නට මෙම සැරසිල්ල කදිමයි. බැලේ ගවොම හෙවත් tutu එකක පෙනුම ඇති  මෙම නිර්මාණය නෙට් රෙදි යොදා සකසාගන්න පුළුවන්. චූටි දූ කැමති මල්, තරු ආදිය එකතුකරගැනීමෙන් වැඩි ලස්සනක් ලබාගන්න පුළුවන්.

2

අහස් යන්ත්‍ර ප්‍රියකරන ඔබේ පුංචි චණ්ඩියා මෙම valanceඑකට අනිවාර්යයෙන්ම කැමති වේවි. Stylish rustic පෙනුමක් ලබාදීමට මෙය පැරණි ලී කැබැල්ලක් මත ෆොටෝ ට්‍රේස් එකක් කර තිබෙනවා. මේ වෙනුවට ඔබටම පිංතාරුකරන්න පුළුවන් වගේම ස්ටිකර් හෝස්ටෙන්සිල් මාධ්‍ය භාවිතාකරන්න පුළුවන්.

3

පුංචි දුවෙක්ට වගේම පුතෙක්ටත් ගැලපෙන මෙම නිර්මාණය ඔවුන්ගේ සහායෙන් ඔවුන් කැමති වර්ණ, රෙදි සහ රිබන් ආධාරයෙන් පහසුවෙන්ම නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන්ම ඉතුරු බිතුරු රෙදි කොටස් ප්‍රයෝජනයට ගන්න හොඳ අවස්ථාවක්.

පොඩිත්තව අලුත් කාමරයකට පුරුදු කරවනවා නම් මෙවැනි ඔවුන් කැමැති මෙවැනි සැරසිල්ලක් හරහා පහසුවෙන්ම ඔවුන්ගේ කමැත්ත දිනාගත හැකිවේවි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here