පොඩි විවේකයකට පසුව රට හොල්ලන බලවේගයක් ලෙස ඔබ මෙතනට රැස්ව සිටිනවා – සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – Saru News | සිංහල

0
4

“ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය වගේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය දෙකම එකට ගමන් කිරීමට හැකි වීමේ ආඩම්බරකාරී කොටස්කරුවන් වශයෙන් අපි හැමදෙනාම මෙම ස්ථානයට රැස් වී ජාත්‍යන්තර කාන්තා දිනය සමරණවා.” යනුවෙනි, ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානයේ සම සභාපති ළමා හා කාන්තා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අවධාරණය කළාය.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් `ලිය ශක්ති’ කාන්තා ව්‍යවසායිකාවන් දිරි ගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබෙන අතර කාත්තා දිනයට සමාන්තරව එහි ක්‍රියාකාරකම් ගණනාවක් රට පුරා සිදු කරන බව ඇමතිවරිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, රට හෙල්ලීමට සමත් බලවේගයක් නිර්මාණය කර කෙටි විවේකයක් ගැනීමෙන් පසුව කාන්තාවන් දසදහස් ගණනකගේ සහභාගිත්වයෙන් මෙම කාන්තා දිනය සමරණ බවය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here