පොඩි ලැසීගේ කෝටි 03ක දේපලක් ගැන නියෝගයක්!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :

පසුගිය දා , විදෙස්ගතව සිටියදී මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වු පොඩි ලැසී විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ දියණියගේ නමින් මිලදී ගෙන ඇති බවට සැලකෙන දේපළක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනයේදී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන පන්නිපිටිය මායා මාවත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 03 ක් පමණ වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අද(5) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කළ බව සඳහන් වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරනු ලබන බවයි.

The post පොඩි ලැසීගේ කෝටි 03ක දේපලක් ගැන නියෝගයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here