Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පේරාදෙණි රෝහලේ ලොකු මිසීට එරෙහිව පොඩි මිසීලා පාරට බසිති

පේරාදෙණි රෝහලේ ලොකු මිසීට එරෙහිව පොඩි මිසීලා පාරට බසිති

0
4


little-missis-take-to-the-streets-against-the-big-missis-at-peradeniya-hospital

පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසීයාමේ අවදානමක් මතුව තිබීම හා එම හෙද නිලධාරිනියගේ කෲර ක්‍රියාවන් වළක්වන ලෙස ඉල්ලමින් රෝහලේ හෙද හෙදියන් එක්ව ඊයේ (21) දින විරෝධතාවක නිරත වූහ.
මෙම විරෝධතාවේ ප්‍රධාන කරුණු වන්නේ දිගු කාලයක් තිස්සේ මෙම හෙද නිලධාරිනිය විසින් සිදු කරනු ලබන දැඩි පීඩාවන් නිසා එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා විස්තර කරමින් කියා සිටියේ, අදාළ හෙද නිලධාරිනියගේ ක්‍රියාකලාපයන් නිසා රෝහල තුළ “රාජ්‍ය ත්‍රස්තවාදයක්” මතුව ඇති බවයි.
සභාපති අරුණ ශාන්ත මහතා වැඩියෙන්ම අවධාරණය කළේ, මෙම ප්‍රධාන හෙද නිලධාරිනියගේ කෲර පාලනය හා ම්ලේච්ඡත්වය නිසා වසර ගණනාවක් තිස්සේ සියලු දෙනා දැඩි පීඩාවට පත්ව ඇති බවයි.


ඔහු කියා සිටියේ, මෙම තත්ත්වය නිසා හෙද හෙදියන් සියලු දෙනාම එකම කළු යුගයක් ගත කරමින් සිටින බවයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ පේරාදෙණිය රෝහලේ සභාපති මංජුල රණතුංග මහතා මෙම තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ, සේවා සැපයීම හා ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින පේරාදෙණිය ශික්ෂණ රෝහල, මෙම හෙද නිලධාරිනිය නිසා සියලු දෙනාම රාජකාරියට පැමිණෙන්නේ වධකාගාරයකට එන අයුරින් බවයි.
මෙම සිදුවීම් අනුව, රෝහල තුළ ක්‍රියාත්මක වන ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසීමේ අවදානමක් මතුව ඇති අතර, මෙය රෝගීන්ට සේවා සැපයීමේදී දැඩි බාධකයක් විය හැකි බව අනතුරු අඟවා ඇත. පේරාදෙණිය රෝහල මහජන සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රධාන ආයතනයක් ලෙස සැලකෙන අතර, මෙම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසීම බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකිය.
මෙම ගැටලු සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල පැමිණිලි ගොනු කර ඇති බව සභාපති අරුණ ශාන්ත මහතා සඳහන් කළේය.


එම පැමිණිලිවල ප්‍රධාන කරුණු වන්නේ අදාළ හෙද නිලධාරිනියගේ අයහපත් ක්‍රියාකලාපයන් සහ එම ක්‍රියාකලාපයන් නිසා රෝහල් සේවකයන්ට සිදුව ඇති දුක්ඛිත තත්ත්වයයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැළිය මහතාගෙන් මෙම සිදුවීම් පිළිබඳව විමසීමේදී, ඔහු ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල වෙත ලැබී ඇති පැමිණිලි අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බවයි. ඊයේ (21) දින පැවති විරෝධතාවට හෙද හෙදියන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම එකම ඉල්ලීමක් කළේ අදාළ හෙද නිලධාරිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් වහාම නැවැත්වීම සහ ඇයට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි. විරෝධතාවේදී, සහභාගී වූවන් කියා සිටියේ මෙම තත්ත්වය තවදුරටත් පවතීමට ඉඩ දිය නොහැකි බවත්, එය රෝහලේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සහ රෝගීන්ට සේවා සැපයීමට බරපතල බලපෑමක් කරන බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here