පෙනුම වැඩිකරන නිය විලාසිතා

0
10


හැඩට වැඩට සැරසෙන්න කැමති ඔබට  විලාසිතා කියන්නෙත් නැතුවම බැරි අංගයක්.ඉතින් උත්සව සමයේ ඔබ සහභාගි වන ප්‍රිය සම්භාෂණයකට යාමට පෙර නියපොතු මෙන්න මෙහෙම හැඩකර ගනිමු.

මේ තරම් ජනප්‍රිය වුණේ විලාසිතාවක් තවත් නැති තරම් .එක සමාන රටාවක් එන ලෙස පැහැදිලි ලොකු තිත් තැබීම පමණයි මෙහිදී කරන්න තිබෙන්නේ .මේ සඳහා හොඳම පාට දෙක පින්ක් සහ වයිට් . නමුත් වෙනත් වර්ණ යොදා ගන්න පුළුවන්. එය ඔබේ ඇඳුම් සමඟ ගළපා ගළපා ගැනීමයි කළ යුතු .ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ මැට් වර්ණ යි.

නියපොතුවලට එල්ල විය හැකි එල්ලවිය හැකි කොටස් ටික වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් විවිධ හැඩතල වලින් හැඩතලවලින් මේවා ලබාගන්නට හැකියාව තිබෙනවා.

ස්ට්‍රිප් ආර්ට්.

තීරු රටාවක් ලෙසයි යොදාගන්නේ.ඒ සඳහා නිය ආලේපන උරා නොගන්නා ටේප්  එකක් අවශ්‍ය වෙනවා .නියපොත්ත මත තද වන්නේ වර්ණයක් ආලේප කර ගන්න තමන් කැමති රටාවකට ටයිප් පලවා ගෙන ඉන්පසු ඒ මත  වෙනත්  වර්ණයකින් ආලේප කරන්න .ටේප් එක ගලවා දමන්න. අලංකාර තීරු රටාවක් ඔබට දකින්නට හැකියි.

රයින්ස්ටෝන් ආර්ට්

මෙයත් ඉතාමත් ජනප්‍රිය   විලාසිතාවක්. රයින්ස්ටෝන් නම් දිලිසෙන ගල් වර්ගයක් වෙළඳ පොළේ තිබෙනවා .විවිධ පාට වලින් ඒවා ලබා ගන්නට පුළුවන් .නිය ආලේපන මත සුදුසු වර්ණ වලින් රටාවක් ලෙස මෙම ගල් ඇලවීම කරන්නට පුළුවන් .

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here