පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පහර දී පියාව ඝාතනය කළ පුවතක් මකුළුගස්වැව පොලිස් වසමෙන් වාර්තා වනවා.
ඊයේ (05) රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 04 කණුව, දේවහූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ බව කියන සැකකාර 32 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ නැගණිය,
“මේ තාත්තා, පුතා අතර මේ ආරවුල් කාලයක පටන් තියෙනවා. පොලිසි ගිය අවස්ථාත් තියෙනවා. ඊයේ රෑත් සිදුවීමක් වෙලා තියෙනවා අපි දන්නේ නෑ. උදේ මන් අපේ වතුර ටැංකිය ළඟ වලං හෝද හෝද හිටියා. එතනට මියගිය කෙනාගේ පුතයි බිරිඳයි ආවා. ඇවිත් ඒ පුතා කිව්වා නැන්දේ මට හිරේ යන්න වෙනවා කියලා. මම කිව්වා හිරේ යන්න ඔයා හොරකන් කරලා නෑනේ කියලා. ඊට පස්සේ තමයි ඒ පුතා කිව්වේ ඊයේ රෑ තාත්තට ගහනකොට මැරුණා කියලා.ඒ අය මගෙන් ඉල්ලීමක් කලා වැටිලා මැරුණා කියලා කියමු කියලා.එම සිදුවීම දරාගත නොහැකිව මම අඬනකොට තමයි අනෙක් අය දැනගත්තේ.”
Saru FM Media