පුංචි ඡන්දයේ සැබෑ ජයග්‍රාහකයා සජබයයි! – මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක! Sri Lanka Latest News

0
4


මෙවර පළාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා, මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් වී අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 2025 පළාත් පාලන මැතිවරණය යනු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නැවත ඉපදුණු මැතිවරණයක් බවයි. පහත පළවන්නේ මංජුල ගජනායක මහතා පළකළ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

‘මෙම ඡන්ද විමසීමේ හොඳම පාඩම ඉගෙනගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහත්මාට සහ එක්සත් ජාතික පක්ෂයට. කල්දමන්න එපා ඡන්ද. මෙන්න ආදර්ශයක් තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයට. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රතිඵල ප්‍රකාශයේ ඔවුන්ගේ නම සඳහන් වන්නෙත් කලාතුරකින්.
ජාතික ජන බලවේගය සාමාන්‍යයෙන් මුසුප්පු වෙනවා. ඔවුන් අනුන්ට ඇහුන්කන් දීම ටිකක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔවුනුත් යම් පාඩමක් මේ ඡන්ද විමසීමත් සමග ඉගෙනගන්න ඇති.

උතුරු නැගෙනහිර ප්‍රතිඵලයෙන් කියන්නේ විශේෂයෙන්ම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් සහ පක්ෂ තමන්ගේ නැතිවී ගිය කීර්තිය නැවත ලබාගෙන තිබෙනවා මේ ඡන්දයේදී.

විපක්ෂය ලෙස විශේෂයෙන්ම සමගි ජන බලවේගය යම් ප්‍රමාණයක වර්ධනයක් ලබාගෙන තිබෙන බවක් පෙනෙනවා.

සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඉදිරියේ සහ වෙනත් ඩිජිටල් අවකාශය තුළ වැඩිම ප්‍රහාරයකට ලක්වූ චරිතය ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මැයි දිනයට සමගාමීව. එහෙත් අපි සතුටට පත්වෙනවා යම් ආකාරයකට ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ. මේ මොහොත තුළ ඔවුන් යම් ආකාරයකට වෙනසක් සිදුකිරීමට උත්සාහ කොට තිබෙනවා. අන්තර්ජාලය තුළ නායකයා කෙරෙහි සිදුකරන ලද වෛරී ප්‍රකාශ පිළිබඳ පාක්ෂිකයන් නොසිතූ ආකාරයක් තමයි පෙනීයන්නේ. මම හිතන්නේ ඔවුන් නැවත ඉපදුණු ඡන්දයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්….’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here