පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් ගැන නියෝගය අද

0
12


පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා.

උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, දිවුරුම සම්බන්ධ ගැටළු සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනාවලට අදාළ පෙත්සම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළා.

නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාල පලාත් පාලන ආයතන සම්බන්ධයෙන් අද දින තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට ද නියම කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here