පිළිකාව රටටම පිළිකාවක් වෙයි! අවුරුද්දකට 33,000ක් හොයාගන්නවා! 19,000ක් මියයයනවා! Sri Lanka Latest News

0
15


මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් අනාවරණය වී තිබෙනවා. Sri Lanka Latest News

එමෙන්ම කාන්තාවන් අතර පවතින පිළිකා අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බවත් අනාවරණයව තිබෙනවා.

මෙම තොරතුරු හෙළිකර තිබුණේ මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරයි.

ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.

එම විශේෂඥ කණ්ඩායම පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි සැලසුම් සහ යෝජනා පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහි දී පියවර ගෙන තිබුණා.

එමෙන්ම මෙරට පිළිකා රෝගය පාලනය සඳහා ගත හැකි කඩිනම් ක්‍රියා මාර්ග පිළිබඳව මෙහි දී පූර්ණ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුව තිබූ අතර, පිළිකා ඖෂධ සහ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයක් යොමුව තිබීම විශේෂ ය.

පිළිකා රෝගයේ බලපෑම සමාලෝචනය කරමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA), පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිතායතනය (IARC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යන සමීප සහයෝගිතා ආයතන මගින් සපයා ගත හැකි වැඩසටහන්ගත සහාය සහ උපදේශන සේවා සඳහා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා සිදුව තිබුණා.

මෙරට 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ පිළිකා මර්දන වැඩසටහන අධ්‍යයනය කළ මෙම විශේෂඥ කණ්ඩායම පිළිකා ආශ්‍රිත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ යාන්ත්‍රණයක් පිහිටුවීම, ඉලක්කගත කණ්ඩායම් ලෙස වතු කම්කරුවන්, ධීවරයින් සහ ගොවියන් ඉලක්ක කරගත් වැඩසටහන් කඩිනමින් ආරම්භ කර දියත් කිරීම, ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සදහා මාත්‍රා දෙකකින් කාන්තාවන්ට පමණක් ලබාදෙනු ලබන එන්නත තනි මාත්‍රාවක් බැගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ලබාදීම, ජාතික පිළිකා මර්දන වැඩසටහන විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම, ඖෂධ සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, 2025-2035 ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්මට පිළිකා මර්දන වැඩසටහනද අනුගත කර බලාත්මක කිරීම වැනි නිර්දේශ රැසක් මෙම කමිටුව විසින් මෙහි දී ඉදිරිපත් කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝග අතර පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ද මූලික වන බවද සඳහන් කර තිබුණා.

ජාතික හා අන්තර්ජාතික සහයෝගයන් ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. එමෙන්ම ඉලක්කගත කණ්ඩායම් සදහා දියත් කරනු ලබන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here