පිලිපීනයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට

0
4


උතුරු පිලිපීනයේ කාර්යබහුලම අධිවේගී මාර්ගයක බස් රථ අනතුරක් සිදු වී තිබෙනවා. 

බස් රථයක් සහ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

අදාළ අනතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මියගිය අය අතර ළමුන් 04දෙනෙකු ද සිටින බවට සඳහන්. 

එසේම තවත් පුද්ගලයන් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

අදාළ බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි. 

එම ප්‍රධාන බස් ක්‍රියාකරුවෙකුගේ බස් රථ කිහිපයක්ද  ධාවනය කිරීම අත්හිටුවීමටද එරට රජය විසින් පියවර ගෙන තිබෙනවා. 

පිලිපීනයේ රිය අනතුරු බහුල වන අතර ආරක්ෂක සහ රථවාහන රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, දෝෂ සහිත වාහන සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන්  මෙම අනතුරු සිදු වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here