පිල්ලෙයාන් සමග කතා කිරීමට රනිල් කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

0
20


සටහන – රුවන් නෙළුගොල්ල

දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග දුරකථනයෙන් කතා කිරීමට අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය 09 වනදා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් එසේ රැඳවුම් භාරයේ සිටින සැකකරුවකු සමග දුරකථනයෙන් සාකච්ඡා කිරීම නීතිවිරෝධී බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන්ව 2025 අප්‍රේල් 08 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here