පියතුමාට පහරදුන් සිද්ධියේ පොලිසියේ 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට

0
10

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබේ.

අදාළ නඩුව අද දිනයේ යළි කැඳවීමට නියමිත අතර සැකකරුවන් 6 දෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස රැගෙනවිත් තිබේ.

සිද්ධියට මුහුණ දුන් කතෝලික පියතුමා ඇතුළු පිරිසක් ද මේ වනවිට අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇත.

පියතුමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරීන් හය දෙනාගේ වැඩතහනම් කිරීමට පියවර ගැනිණ.

මෙම සැකකරුවන් පසුගිය 26 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් අද (29) දින දක්වා රක්ෂිත බන්ධනාග ගත කරන ලදී. 

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here