පිම්පල්ස් නිසා මුහුණේ ඇතිවන වලවල් හෙවත් Pores අඩුවීම සඳහා නිවසේදීම ප්‍රතිකාරයක්.

0
15


මුහුණ මත වළවල් ඇති වීම බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්.පෙනුමට හානි වීම සහ තවත් බොහෝ ගැටලු ඇති වීම නිසා ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර ගැනත් ඒවා ඇති වෙන්න හේතු ගැනත් අද අපි කතා කරමු.

ප්‍රධානම ප්‍රශ්නය පිම්පල්ස්. පිම්පල්ස් නිසා මෙන්න මේ තත්ව ඇති වීමෙන් මුහුණේ වළවල් ඇති වෙනවා.

අයිස් කියුබ් සත්කාරය

අයිස් කියුබ් එකකින් රවුමට මුහුණ මසාජ් කරන්න.

නිතර මුහුණ ක්ලෙන්සර් කරන්න.

ස්වභාවික ක්ලෙන්සර් වර්ග වන කෝමාරිකා මද සහ පිපිඤ්ඤා යුෂ මුහුණේ මිනිත්තු පහළොවක් පමණ ගල්වා තබා සෝදා හරින්න.

ස්ක්‍රබ් කිරීම

කෝපි කුඩු, සීනි සහ දොඩම් යුෂ මේස හැන්ද බැගින් රැගෙන මිශ්‍ර කර මුහුණේ මිනිත්තු විස්සක් ගල්වා තබා සෝදා හරින්න

ටෝනර් කරන්න.

දෙහි හෝ දොඩම් යුෂ වලින් මුහුණ ටෝනර් කරන්න

බේකින් සෝඩා සත්කාරය

බේකින් සෝඩාවලින් මුහුණේ මැරුණු සම ඉවත් වෙනවා. බේකින් සෝඩා තේ හැදි දෙකක් ඇල් ජලය සමඟ මිශ්‍ර කර මුහුණේ වලවල් මත තවරා විනාඩි තුනකින් සෝදා හරින්න.

පිරිසිදු පොල් තෙල්

මෙහි ලෝරික් අම්ලය මගින් මුහුණේ විෂබීජ ඉවත් කරනවා.පොල් තෙල් මුහුණේ තවරා මිනිත්තු තිහක් තබා මඳ උණු ජලයෙන් සෝදා හරින්න.විෂබීජ සහ ලප කැලැල් ඉවත් වෙනවා.

පිපිඤ්ඤා,මී පැණි සහ කුරුඳු කුඩු මිශ්‍රණයක් සාදා මුහුණේ තැවරීමත් හොඳ ප්‍රතිකාරයක්

අවශ්‍ය දේවල්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ වෙලාවක් මුහුණේ ගල්වා තබා සෝදා හරින්න.

මේ වගේ ස්වභාවික ප්‍රතිකාර ඔබේ මුහුණේ වළවල් ඇති වීම පාලනය කරන්නත් ඇති වී ඇති වලවල් ඉවත් කරන්නත් ඔබට උදව් වේවි.

ඔබේ සිරුරේ දැඩි හෝමෝන ගැටලු නිසා හෝ සිරුරේ අධි බර නිසා නොනවත්වාම කුරුලෑ හට ගන්නවා නම් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුමයි.

චර්ම රෝග විශේෂඥවරයෙක් හමු වී වැඩි දුර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් ඇති නම් ස්වභාවික ප්‍රතිකාර වලින් නොසෑහි ඒ සඳහා යොමු වෙන්නත් අමතක කරන්නම එපා.

මේ ප්‍රතිකාර යම් කාලයක් නිවැරදිව කිරීමෙන් පමණයි මුහුණේ ඇතිවී තිබෙන මෙම වලවල් මඟ හැර ගන්න පුලුවන් වෙන්නේ කියන කාරණය ඔබ මතක තබා ගත යුතුමයි. අතරමග නතර කළොත් නම් මේ තත්වයේ කිසිදු වෙනසක් ලබා ගන්න ඔබට හැකි වෙන්නේ නැහැ.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here