බඳවා ගැනීමේ විභාග නොපවත්වා සියළුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කරන බවට ලේවලින් අත්සන් කර පොරොන්දු වන්නේ යැයි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.
මෙරට ගෞරවාන්විත ඇගයීමකට ලක් වී තිබූ ගුරු සේවය අන්ත පරිහානියකට හෙළීමේ පුරෝගාමී කාර්යභාරයක් රණසිංහ ප්‍රේමදාස විසින් සිදු කරනු ලැබීය. පිපිඤ්ඤා යන්න ලියා ගත නොහැකි පාක්ෂිකයන් රුපියල් 1000ක වැටුපකට ගුරු සේවයට බඳවා ගත් අතර ඔවුන් ශිෂ්‍යයන්ට උගන්වා තිබුණේ පිපිඤ්ඤා වෙනුවට කැකිරි යනුවෙන් ලියන ලෙසට ය. සජිත් ප්‍රේමදාස ද පියාගේ අඩිපාරේ ම යමින් බඳවා ගැනීමේ විභාගයකට මුහුණ දී සමත් විය නොහැකි පිරිස් ගුරු සේවයට බඳවා ගන්නා බවට ප්‍රතිඥා ලබා දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල සංවර්ධන නිලධාරීන් කිහිප දෙනෙකු පවත්වා ගෙන යන මාරාන්තික උපවාසය දිරිගැන්වීම සඳහා එම ස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස එම ප්‍රතිඥාව ලබා දුන්නේය. ඉන් පසුව විමල් වීරවංශ සහ රාජිත සේනාරත්න ද එම ස්ථානයට ගොස් මාරාන්තික උපවාසකරුවන් දිරිගැන්වීය.
2
Saru News










