පිග්මන්ටේශන් අවම කරන්න අල වලින් ස්වාභාවික ක්‍රීම් එකක් ගෙදර හදමු

0
12


සමෙහි ඇතිවන ගැටලුකාරි තත්වයන් අතරින් දකින්න ලැබෙන එක් ගැටලුවක් තමයි පිග්මන්ටේශන් කියන්නේ.පිග්මන්ටේශන් සුව කරන්න පුලුවන් බොහෝම මිල අධික සත්කාර තිබුනත් ගොඩක් අය කැමති ස්වාභාවික සත්කාර වලින් මේ තත්වය සුව කරගන්නයි.ඉතින් මේ ලිපිය පිග්මන්ටේශන් වලින් පීඩා විඳින ඔබටයි

අපේ ශරීරයේ තියන මෙලනසයිඩ් නැමති සෛල වලින් මෙලනින් නැමති වර්ණකය හැදෙනවා. මෙම මෙලනින් සමේ එක් සංවේදි ස්ථානයකට එක් රැස් වීමක් සිදුවුනාම සමෙහි අඳුරු ,ළප කැළැල් සහිත ස්වභාවයක් ගන්නවා.එය පිග්මන්ටේශන් එකක් ලෙස හැඳින්වෙනවා.ඒ වගේම මෙම පිග්මන්ටේශන් තත්වයන් එකිනෙකාගේ සමෙහි පැහැය අනුව වෙනස් වෙනවා. ආසියාතික රටවල් වල විශේශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට බහුල ඇතිවන පිග්මන්ටේශන් තත්වය වන්නේ මෙලෙස්මා නැමති පිග්මන්ටේශන් තත්වයයි.මෙම තත්වය වැඩි වශයෙන් නිකට , නළල සහ කම්මුල් දෙපස ඇතිවේ.

පිග්මන්ටේශන් තත්වයක් ඔබට ඇත්නම් නිවසේදීම ඔබට කරන්න පුලුවන් හොඳම සත්කාරයක් තමයි ස්වාභාවික අල ක්‍රීම් එක භාවිතා කරන එක.මෙම ක්‍රීම් එක සකස් කිරීමට භාවිතා කරන සියලු අමුද්‍රව්‍ය ස්වාභාවික ඒවා බැවින් ඔබට සාර්ථක මෙන්ම දිගුකාලීන ප්‍රතිඵල ලබාගන්න පුලුවන්

පිග්මන්ටේශන් තත්වයන් සමනය කරන අතර සමෙහි කොලජන් නිශ්පාදනය වැඩි දියුණු කරයි.වියළි සමට හොඳ ප්‍රතිකාරයක්ද වන අල සම පැහැපත් කරනවා.අව් රශ්මියට පිළිස්සුණු සම යතා තත්වයට පත් කිරීමට සහය වෙයි

සමේ ආසාදන තත්වයන් සුව කරමින් සමෙහි කුරුලෑ ඇතිවීම වළක්වන අතර සම පැහැපත් කරයි.

සමෙහි වර්ණය වැඩිදියුණු කරමින් සමෙහි ඇති කැළැල් මකා දැමීමට උපකාරි වෙයි.කුරුලෑ සමග සටන් කරයි.සුව කිරීමේ ගුණය සහිත සැෆ්‍රන් සමෙහි ඇතිවන පිග්මන්ටේශන් තත්වයන් සමනය කීරිමටද ඉවහල් වේ

මෙහි ඇති විටමින් සී මගින් සම පැහැපත් කරයි.සම වියපත් වීම වළක්වමින් කුරුලෑ ඇතිවීම වලක්වයි .

අල ගෙඩියක් තම්බා හොඳින් ග්‍රේට් කරගන්න.
එයට කස්තුරි කහ තේ හැන්දක් පමණ සහ සැෆ්‍රන් ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙම පේස්ට් එක ඔබට ශීතකරණයේ තබාගෙන දින තුනක් භාවිතා කරන්නට පුලුවන් .ඒ වගේම ඔබ මෙය භාවිතයට ගන්නා විට ,
මිශ්‍රණයෙන් භාවිතයට ගන්නා කොටසට දොඩම් හෝ ලෙමන් ස්වල්පයක් මිශ්‍ර කරන්න.එමගින් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුලුවන්

මුලින්ම සම හොඳින් ක්ලෙන්සර් කරගන්න.මේ සඳහා ඔබට කහ දොඩම් භාවිතා කරන්නට පුලුවන්

ඉන්පසු සම හොඳින් තෙත මාත්තු කර ,සකස් කරගත් අල ක්‍රීම් එක මුහුණේ ආලේප කරන්න.ඔබ ලෙමන් හෝ දොඩම් භාවිතා නොකරනවා නම් මෙය ඇස් වටා වුවත් ආලේප කල හැකියි.

විනාඩි හතලිස් පහක් හෝ පැයක පමණ කාලයක් ක්‍රීම් එක මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න

ඉන්පසුව ටෝනර් එකක් භාවිතා කරන්න.මේ සඳහා මෙම ලිපියේ පහත සඳහන් කර ඇති ඇපල් ටෝනර් එක වඩාත් සුදුසු වේ

මෙම ක්‍රීම් එක දින තුනක් පමණ ශීතකරණයේ තබා භාවිතයට ගත හැකි අතර දෙවන දිනයේදි එහි වර්ණය සහ සුවඳ පිළිබඳව විමසිලිමත් වන්න.ඒවායේ වෙනසක් ඇතිවී ඇත්නම් ක්‍රීම් එක භාවිතයෙන් ඉවත් කරන්න

ඇපල් යුශ තේ හැඳි 2 ,කෝමාරිකා ජෙල් තේ හැඳි 2 , ලෙමන් තේ හැඳි 1 , විටමින් ඊ කරල් 1 හොඳින් මිශ්‍ර කර ටෝනර් එකක් ලෙස ඔබට භාවිතා කරන්නට පුලුවන්

කිරි තේ හැඳි 1 , මී පැණි තේ හැඳි 1 , ලෙමන් ,සැෆ්‍රන් ස්වල්පයක් සහ සීනි තේ හැඳි එකක් මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්නට පුලුවන්

සුදු හඳුන් තේ හැඳි 2 , කඩල පරිප්පු පිටි තේ හැඳි 2 , කස්තුරි කහ තේ හැඳි 1 රෝස වතුර මිශ්‍ර කර පැක් එකක් සකස් කරගෙන භාවිතා කරන්නට පුලුවන්

ඔබත් පිග්මන්ටේශන් තත්වයන් වලින් පීඩා විඳින කෙනෙක් නම් වෙළඳපලේ ඇති මිළ අධික නිශ්පාදනයන් භාවිතා කරන්නට පෙර මෙවැනි ස්වාභාවික සත්කාරයන් සිදු කර වෙනස වටහාගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here