පැල්ලම් නසා බැබළෙන මුහුණක් ලබා දෙන ස්වභාවික රාත්‍රී සත්කාරය

0
15


සම රැකගැනීම ගැන අපි උනන්දු වුණත්, කාර්‍යබහුල බවත් එක්ක ඒ ගැන වෙහෙසෙන්න තියෙන වෙලාව අඩුයි. ඒත් මුහුනේ දීප්තිය රැකගැනීම ගැන වද වෙන ඔබ කණගාටු විය යුතු නෑ. අඳුරු ලප, කුරුලෑ පැල්ලම් මකා දමා මුහුණට දීප්තියක් ලබා දෙන ස්වභාවික ක්‍රීම් එකක් සකසා ගන්නට අපි අද ඔබට කියා දෙනවා.

රාත්‍රී සත්කාර අත්‍යාවශ්‍ය නෑ. නමුත් දිවා කාලයේදී ඔබට නිසි පරිදි සත්කාර කිරීමට නොහැකි නම් රාත්‍රී සත්කාරයක් සිදු කිරීම සුදුසුයි.

ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තෙක් සිදු කළ හැකියි. බොහෝ විට පළමු මාසයේදීම සාර්ථක වෙනසක් ඇති වෙනවා.

ආමන්ඩ් තෙල් තේ හැන්දක්
කෝමාරිකා ජෙල් තේ හැන්දක්
අර්තාපල් යුෂ තේ හැන්දක්
ටී ට්‍රී තෙල් මේස හැන්දක්
දෙහි බින්දු දෙකක්

මේ සියල්ල පිරිසුදු බඳුනකට දමා ලී පත්තකින් කලවම් කරන්න.

ඉන්පසු සෝදා වියළා ගත් බඳුනක දමා ශීතකරණයේ තබන්න. සති දෙකක් පමණ කල්තබා ගත හැකියි. ඊට පෙර දුර්වර්ණ වී නම් ඉවත් කරන්න.

මෙය ශීත කළ විට ක්‍රීම් එකක් සේ පහසුවෙන් ආලේප කළ හැකි මිශ්‍රණයක් බවට පත් වෙනවා.

භාවිතා කරන්නේ මෙහෙමයි.

රාත්‍රියේ දී මුහුණ හොඳින් සෝදා ගන්න.

ඉන්පසු හොඳින් තෙත මාත්තු කර,මේ ක්‍රීම් එකෙන් අවශ්‍ය තරම් ගෙන සමට උරා ගන්නා තෙක් උඩු අතට පිරිමදින්න.

ඔබට මෙය කකුල්වල පැල්ලම් සඳහා ද භාවිතා කරන්නට පුළුවන්.

ඉන්පසු රාත්‍රිය පුරා තබා උදෑසන සෝදා දමන්න.

මාසයක් වැනි කාලයක් එක දිගට භාවිතා කිරීමෙන් ඔබට විශාල වෙනසක් දැක ගන්නට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here