පාස්කු ප්‍රහාරයේ ඇත්ත යටගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ක්‍රියාත්මයි

0
7


පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ක්‍රියාත්මක කරවන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ එම පාරජිත දේශපාලන බලවේගවලට යට වූ විවිධ රාජ්‍ය ආයතන මෙහෙයවන පාර රාජ්‍යයක් ද ක්‍රියාත්මකවන බවයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ හයවන වසර සිහිකෙරෙන ප්‍රධාන අනුස්මරණ වැඩසටහනට අද (21) දිනයේ එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් සිදුවන විමර්ශන කඩාකප්පල් කිරීමට ඇතැම් මාධ්‍ය ආයතන පවා මාන බලමින් සිටින බවයි කාදිනල් හිමිපාණන් චෝදනා කළේ.

වත්මන් ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකර ගැනීමේ කටයුත්තට අතගසා ඇති බවත්, එය මෙහයුමකට උසස් නිලධාරින් කණ්ඩායමයක පවරා ඇති බවත්, පවතින නීති පද්ධතිය සහ එය ක්‍රියාවට නැංවීමට භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම හේතුවෙන් එම කටයුතු විවිධ බාධක මාධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ හයවන වසර සිහිකෙරෙන ප්‍රධාන අනුස්මරණ වැඩසටහනට අද කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ දී පැවැත් වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here