අදින් වසර හයකට පෙර සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීමේ ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (21) පැවැත්වුණා.
ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උනන්දුවෙන් මෙම විමර්ශන ආරම්භ කිරීම පිළිබඳ සතුටට පත්වන බව අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළා.
යළි මේ බිමේ මෙවැනි ත්‍රස්තවාදයක් ඇතිවීමට ඉඩ නොතැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.
2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ දේවස්ථාන සහ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයන්ගේ ඉලක්කය වූයේ දේවස්ථාන තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් 3ක්.
අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.
ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ආශිර්වාද කරමින් සෑම දේවස්ථානයකම අද (21) දිනයේ යාඥා සිදුකෙරුණා.
ඔවුන් සිහිකරමින් අද (21) උදෑසන විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් රැකීමට ද කටයුතු කෙරුණා.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ යැදුම් පාගමනක් ද අද (21) උදෑසන පැවැත්වුණා.
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරෙන් ආරම්භ කෙරුණු පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පැමිණියා.
Saru FM Media