පාස්කු ප්‍රහාරයට වසර හයක් පිරෙන දා හිමිවරුන් 100ක් කොළඹට

0
11


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හයක් සපිරෙන ලබන 21 වන දා උතුරු – නැගෙනහිර දෙපළාතෙන් සාමනේර හිමිවරුන් 100ක් නමක් කොළඹට වැඩම කරවා සර්වාගමික වැඩසටහනක් සංවිධානය කිරීමට ‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය කටයුතු කරමින් සිටිනවා.

උතුරු පළාතේ කිරිඉබ්බන් වැව හා හබරණ ප්‍රදේශයෙන් හිමිවරුන් 50ක් හා නැගෙනහිර පළාතේ අම්පාරෙන් හා අරන්තලාවෙන් හිමිවරුන් 50ක් ලෙසින් මෙම සාමනේර හිමිවරුන් කණ්ඩායම සමන්විත වන බවයි එම සංවිධානයේ සභාපතිවරයා පවසන්නේ.

එක් හිමිවරුන් කණ්ඩායමක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියසින් ආගමික වතාවත් සිදු කිරීමටත් අනෙක් හිමිවරුන් කණ්ඩායම මහියංගණ රජමහ විහාරයේ ආගමික වතාවත් සිදු කිරිමටත් කටයුතු යොදා තිබෙන අතර, අතර එදින සවස් කාලයේ  හිමිවරුන්  කැලණියට වැඩම කිරීමටත් නියමිතයි.

මෙම හිමිවරුන්ට දහවල් දානය පිරිනැමීමේ කටයුතු සිදුකරනු ලබන්නේ ඉස්ලාම්, කතෝලික හා හින්දු බැතිමතුන් විසින්.

කොළඹට වැඩම කරන හිමිවරුන්ට කොළඹ වරාය නගරය, නෙළුම් කුළුණ , ගුවන්තොටුපළ හා දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීමට පහසුකම්ද සලසා දී තිබෙනවා.

ලබන 22 වන දා මීගමුවේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා.

සර්වාගමික කණ්ඩායම්වල දරුවන්ගේ සහභාගීත්වයෙන් “නාගරික වන උද්‍යානයක්” ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි ‘පහන්වැට’ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පවසන්නේ.

‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය සංහිඳියාව වර්ධනයට අරමුණු කරගෙන 21 වන දා ආරම්භ කරන මෙම වැඩපිළිවෙල පාරිසරික සංරක්ෂණය, සංස්කෘතික හුවමාරුව, පාරිසරික අධ්‍යාපනය ඇතුළු මූලික ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක කරගෙන ඉදිරියට ව්‍යාප්ත  කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here