පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර – Saru News | සිංහල

0
4

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී පැවැත්විණි.

පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බැවින් එහි අඩංගු කරුණු පිළිබඳව හා ඒ සඳහා ඇතුළත් විය යුතු නව යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදු කරන පාසල් ප්‍රතිසංවිධාන‍ ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපයා ගැනීමත්, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමත්, “සිසු සැරිය” පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි හදුන්වාදීම, ළමා ආරක්ෂණය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් දරුවන් ප්‍රවාහනයේදී වාර්තා වෙන අපයෝජන සහ හිරිහැර නතර කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන් සඳහා වෘත්තීයමයභාවය වැඩිදියුණු කරමින් වගකීම් සහගත සේවාවක් බවට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ඒ වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල ඇතුළු ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here