ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවය.
නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අනෙක් සංගම් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බවද ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.
Saru News
















