පාරිභෝගික අධිකාරිය සුපර් මාකට් 23කට පනී! කල් පැන්න කුණු බඩු සුපිරියටම වික්ක සුපර් මාකට් 16ක් අතටම අල්ලගනී! I Sri Lanka Latest News

0
16


උත්සව සමය තුල වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගියදා දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වැටලීම් සිදුකරන ලදී.Sri Lanka Latest News

එම සුපිරි වෙළදසැල් අතරින් වෙළදසැල් 16 ක කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් අනෙකුත් වෙළදසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩ වල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර ඇත.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වෙලදපොලේ සිදුකරන වැටලීම්වලදී සුපිරි වෙළදසැල් වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම් වලදී අනාවරණය වූ සුපිරි වෙළදසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාල වශයෙන් පවත්වාගන යන ආයතන වේ.

ඒ අනුව සුපිරි වෙළදසැල්ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here