ඉන්දීය අගමැති මෝදි ලංකාවට පැමිණියේ අප්‍රේල් 04 වැනිදාය. ඊට දින දෙකකට පසු, එනම් අප්‍රේල් 06 ඔහු තමිල්නාඩුවේ පාම්බන් දුම්රිය පාලම විවෘත කිරීමට නියමිතය. බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ වූයේ මේ පාම්බන් පාලම හරහාය. බි්‍රතාන්‍ය යටත්විජිත කාලයටත් පෙර 1600 කාලයේ පාම්බන් හරහා ලංකාවත් ඉන්දියාවත් අතර වෙළෙඳාම සාර්ථකව සිදුවිය. ලංකාවේ මන්නාරම, පාම්බන් දූපත හරහා රාමේෂ්වරම් හරහා ඉන්දියාව වෙළෙඳ කේන්ද්‍රයක් විය. 1870 දී පමණ ඊස්ට් ඉන්දියා සමාගම පාම්බන් දූපතට ආසන්න ධනුෂ්කොඩි සහ කොළඹ අතර දුම්රිය සම්බන්ධයක් හදන්න සැලසුම් කළේය. කොළඹ වරාය සහ ඉන්දියාව සම්බන්ධ එම ලින්ක් එක කොළඹ වරාය සහ ඉන්දියාව සම්බන්ධ කිරීම සැලසුමේ කොටසක් විය. ඒ සඳහා ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමට ව්‍යාපෘති යෝජනාවක්ද ඔවුන් සකස් කළේය. එම යෝජනාව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මණ්ඩපම් සිට පාම්බන් හරහා ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරමට දුම්රිය ලින්ක් එකක් හැදීම සඳහා රුපියල් ලක්ෂ 299ක් ඇස්තමේන්තු කර තිබිණි. මෙම ඇස්තමේන්තුව සකස් කළේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුවය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අධික වියදම නිසා දුම්රිය ලින්ක් එකට අනුමැතිය දුන්නේ නැත. නමුත් පාම්බන් දුම්රිය පාලම හදන්න රුපියල් ලක්ෂ 70ක් අනුමත කළේය. 1914 පෙබරවාරි 29 පාම්බන් පාලම විවෘත කරනු ලැබීය. 1964දී කුණාටුවකින් පාලම විනාශයට පත්විය. Sri Lanka Latest News
බි්‍රතාන්‍ය පාලන කාලයේ 1870 සිට ඉන්දියාවත් ලංකාවත් අතර ලින්ක් එකක් ලෙස පැවැතියේ බෝට් මේල් එකය. නැව් දෙකක් මේ සඳහා භාවිත විය. නැව් තලෙයිමන්නාරම් වරායට පැමිණි අතර එය හැඳින්වූයේ බෝට් මේල් කියාය. එහි ආසන 300ක් විය. ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබුණේ දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි බසිනි. මගීන් චෙන්නායි සිට ධනුෂ්කොඩි දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට තලෙයිමන්නාරමට නැවෙන් යායුතුය. බෞද්ධ භික්ෂුන් සඳහා විශේෂ කොටසක් වෙන්කර තිබිණි. මෙම නැව හැඳින්වූයේ ඉන්දු-සිලෝන් එක්ස්ප්‍රස් කියාය.
ලංකාවට පැමිණීමෙන් පසු දින මෝදි රාමේශ්වරම්වලට ගොස් විවෘත කරන්නේ එදා ඉන්දු-ලංකා එක්ස්ප්‍රස් එක ලින්ක් කරපු පාම්බන් පාලමය.
2015 දී මෝදි ලංකාවට පැමිණි විට තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය විවෘත කළේය. එදා මෝදි තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය විවෘත කර එහි පළමු දුම්රිය සේවය ක්‍රියාත්මක කළේය. ඔහු තලෙයිමන්නාරමට ගියේ අනුරාධපුර ශ්‍රීමහා බෝධිය වැඳගැනීමෙන් පසුවය. මෙවරද ඔහු අනුරාධපුර ශ්‍රීමහා බෝධිය වඳින්න යයි. ඉන්දීය අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද බුදුදහම ප්‍රචලිත කරන්න ලංකාවට ආවේ එකල මාතොට ලෙස හඳින්වූ මන්නාරම වරායෙන්ය. ලංකාවට පැමිණ පසු දින මෝදි පාම්බන් පාලම විවෘත කිරීම ලංකාව සහ ඉන්දියාව අතර ආගමික සංස්කෘතික බැඳීමට යළි පණ දීමක් වැනිය.
Saru FM Media