පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා සහභාගිවීමට ඇමති විජිත වතිකානයට.

0
7


ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. 

කටුනායක ගුවන්තොටුපොළෙන් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා අද උදෑසන පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුව පළමුව අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන්යානයකින් අමාත්‍යවරයා වතිකානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතාද ඊයේ පස්වරුවේ වතිකානය බලා පිටත්ව ගියා. 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන් එලෙස වතිකානය බලා පිටත්ව ගියේ මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින්.
 

පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබෙනවා.                              



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here