පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

0
7

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුව සිටි අබ්දුල්ලා අල්මුටෙයිරි සිය පළමු නිල කාලය අවසන් කර දිවයිනෙන් නික්ම ගොස් ඇතත් යළි මාර්තු මස දිවයිනට පැමිණෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් පවසනවා.
ඔහු ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පුහුණුකරුවෙක්.සමහර විට ඔහුගේ මාර්තු පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පවතින කාලයන්වලට සීමා වෙන්නට ඉඩ තිබෙනවා.එසේ වුවහොත් ඔහුට තව ආර්ථික වශයෙන් ද ශක්තිමත් වීමට හැකි ලෙස තරග නොමැති කාල ඉහළ ක්‍රීඩා සමාජ සමඟ වැඩ කරන්න පුළුවන්.
අබ්දුල්ලා අල්මුටෙයිරි ශ්‍රී ලංකාව සමඟ වැඩ කරන්නට නැවත මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණියත් එහිදී ඔහු අඛණ්ඩව මෙරට රැදී නොසිටින්නට ඉඩ තිබෙන බවට පාපන්දු සභාපතිවරයාගේ ප්‍රකාශයෙන් ඉඟි සැපයෙනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here