පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක්

0
3

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවැත්වෙන පාකිස්තාන – නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවිය.

SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

නෙදර්ලන්ත ඉනිම ඔසවා තැබූ නායක ස්කොට් එඩ්වඩ්ස් (37), බස් ඩි ලීඩ් (30) හා මයිකල් ලෙවිට් (24) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

සල්මාන් මිර්සා (3/24), මොහොමඩ් නවාස් (2/38), අබ්රාර් අහ්හඩ් (2/23) හා සයිම් අයුබ් (2/7) පාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here