15 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට පාකිස්තාන ධජය මතට මුත්‍රා කරන ලෙසට පිරිසක් බල කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඉන්දීය උත්තර් ප්‍රදේශ් හි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
උත්තර් ප්‍රදේශ් හි අලිගාර් ප්‍රදේශයේ සිටින මෙම පාසල් සිසුවා ව වටකරගෙන සිටින කණ්ඩායමක් විසින් අදාළ බලපෑම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි NDTV මාධ්‍ය නිවේදනය කළේ.
පසුගිය සතියේ පහල්ගම් හි සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත සංවිධානයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව මෙවැනි ක්‍රියා සමාජය තුළ සිදුවන්නේ වාර්ගික අසමගිය ඇති කරලීමට බව සමාජවාදී පක්ෂයේ අලිගාර් දිස්ත්‍රික් කණ්ඩායම සඳහන් කරනවා.
මෙම බාලවයස්කාර දරුවා පසුගියදා සිය මිත්‍රයින් සමග පාරේ ගමන් කරමින් සිටියදී පාකිස්තාන ධජය බිම වැටී තිබෙනයුරු නිරීක්ෂණය වී තිබෙනවා.
ඉන්පසුව මැර පිරිසක් පැමිණ මෙම දරුවාට පහර දී, ඔහුගේ නම විමසමින් සඳහන් කර තර්ජනය කර ඇත්තේ පාකිස්තානු ධජය මතට මළමුත්‍රා කරන ලෙසටයි.
Saru FM Media