ප්‍රේමලාල් සහ අපි හමුවූ අවසන් සාදය! PHOTOS I Sri Lanka Latest News

0
13


මව්රට පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ කොටිකාවත්ත සුසාන භූමියේ අද පස්වරු 4ටය.Sri Lanka Latest News

අපි ආදරයට ප්‍රේමලාල් විජේරත්න මහතා අමතන්නේ ‘ප්‍රේමලාල් අයියෙ’ යැයි කියාය.

පත්තර කන්තෝරුව ඇතුළේ සිදුවන ඕනෑම දෙයකදී ප්‍රේමලාල් අයියා මුල්තැන සිටියේය.

ඕනෑම වැඩකදී ප්‍රේමලාල් අයියා මුල්තැන ගත්තේය.

‘ප්‍රේමලාල් අයියෙ පොඩි කරදරයක්. පොඩි උදව්වක් ඕන’ යැයි කිවහොත් කියන කෙනාගේ මුහුණ නොබලා ‘මොකද්ද වෙන්න ඕන’ යැයි අසා ඒ උදව්ව ඉහළින්ම කර දෙන අයකු ලෙස ප්‍රේමලාල් අයියා ප්‍රසිද්ධය.

අප එකට රාජකාරී කළ ගෙවුණු 13ක කාලසීමාව ඇතුළත ප්‍රේමලාල් අයියාගෙන් උදව් නොගත් අයකු නොමැති තරම්ය. අපගේ පමණක් නොව අපගේ ඥාතීන්ගේ, පවුලේ හිතවතුන්ගේ අවශ්‍යතා පවා ප්‍රේමලාල් අයියා ‘නෑ බෑ’ නොකියා කියන පරක්කුවෙන් ඉටු කර දුන්නේය.

ඒ සියලු කාර්යයන් මැද ප්‍රේමලාල් අයියා සිය රාජකාරියද දේවකාරිය සේ සලකා නොපිරිහෙළා ඉටු කළ අයකු විය.

තමන්ගේ අතින් විය යුතු රාජකාරිය කිසිදා පැහැර හැරියේ නැත. කිසිදා නිදහසට කරුණු කිව්වේ නැත. කියන වේලාවටත් කලින් තමන්ගේ ලිපි සහ පුවත් සියල්ල අදාළ තැන්වලට යොමු කිරීම ප්‍රේමලාල් අයියාගේ සිරිතය.

එමෙන්ම රාජකාරියක් පැවරූ අවස්ථාවේදී එය අවසන් වන තෙක්ම පස්සෙන් පැන්නීමද ප්‍රේමලාල් අයියාගේ සිරිතක් විය.

කෙතරම් අධික රාජකාරී තිබුණද ප්‍රේමලාල් අයියා බුම්මාගෙන කටයුතු කළේ නැත. නිතරම ප්‍රේමලාල් අයියාගේ මුහුණේ සිනාවක් තිබිණ. හැමවෙලේම විහිළුවක් කරමීන් වටේ සිටින අය සිනාවෙන් තැබීමද ප්‍රේමලාල් අයියාගේ සිරිතක් විය.

නිවාඩුවක් ලැබුණු සැණින් අප ගිය විනෝද ගමන්වල නිත්‍ය ගමන් සගයකු බවටද ප්‍රේමලාල් අයියා පත්ව සිටියේය.

ඒ ගමන්වලදී හීනියට මදුවිතක් තොලගාමින් පත්තර ජීවිතයේ රසබර අත්දැකීම් මල්ල ලිහමින් කළ කතාවලට අප පැය ගණන් බඩවල් අල්ලාගෙන සිනාසුණෙමු.

පහත පළවන්නේ අප ගිය එවන් විනෝද ගමනක කෙටි මතකයන් කිහිපයකි.

ඔයාට සුබ ගමන් ප්‍රේමලාල් අයියේ..!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here