හොද ජීවිතයකට නිවසකට හා ජීවනෝපායකට අයිතිය සහිත මූලික හා මානව අයිතිවාසිකම් සුරක්ෂා කරණ සෞඛ්‍ය සම්පන්න මව් පරපුරක් සහ දරු පරපුරක් ඇති කරන නගර සභාවක් බිහි කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සෞභාග්‍යයෙන් සංවර්ධනයෙන් පිරිපුන් නගරයක් බවට පත් කිරිම සමගි ජන බලවේගයේ අරමුණ බවත් ජීවනෝපාය හා යටිතල පහසුකම් සංවර්ධනය කර නව තාක්ෂණය තුළින් ශක්තිමත් වූ ජන පරපුරක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ජින්තුපිටියේ පැවැති ජන හමුවක් අමතමිනි.
තොරතුරු තාක්ෂණය ඩිජිටල් විප්ලවය ජනතාවගේ ප්‍රශ්න විසඳන නව ක්‍රමවේද යොදා ගෙන යටිතල පහසුකම් සංවර්ධනය කර සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් සදහා හොද නිවාස ලබා දී සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවත් ඒ වගකීම අවංකව පිරිසුදුව විනිවිදභාවයෙන් යුක්තව සිදු කරන බවත් සෑම බල ප්‍රදේශයකම ජනතා කේන්ද්‍රීය පුලුල් ජනතා සහභාගිත්වයෙන් තීන්දු තීරණ ගෙන සංවර්ධන ක්‍රියාදාම ක්‍රියාත්මක කරන බවත් වගකීම සහ වගවීම පෙරදැරි කර ගත් ගමනක් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද ජනතා සේවයට කැපවු ජනතා ප්‍රශ්නවලට සවන් දෙන නගර සභාවක් බිහි කරන බවත් ප්‍රශ්නවලට උත්තර සපයන නගර සභාවක් ඇති කරන බවත් එය ජනතා අපේක්ෂාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.







Saru FM Media