
ඉතාලියේ මිලානෝ නුවර හෝටලයක සේවය කරන ලද 50 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක එම හෝටල් සේවකයෙකු අතින් ඝාතනය කිරීමේ සිද්ධියක් හා එයට සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා, තවත් අයෙකුටද පිහියකින් ඇන පසුව ඇගේ මරණයෙන් පැය කිහිපයකට පසු, සියදිවිනසාගත් පුවතක් වාර්තාවේ.
ආරච්චිචිගේ දෝන චමිලා වීරසූරිය නම් වූ මියගිය කාන්තාව, ඉතාලි ජාතිකයකු සමඟ විවාහ වී සිටි අතර, දරුවකුද සිටි බව වාර්තා වේ. ඇය පසුගිය සිකුරාදා (මැයි 9) සිට අතුරුදන්ව සිටි අතර, ඇගේ සිරුර පසුගිය ඉරිදා (මැයි 11) මිලානෝ නුවර උතුරු පාර්ක් ප්‍රදේශයේ ලදු කැලෑවක දී සොයා ගන්නා ලදී.
මූලික වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ චමිලාගේ උගුරේ සහ ඉදිරිපස අත්වල පිහි කැපුම් තුවාල තිබූ බවයි. සිරුර හමුවූ ස්ථානයේ සවි කර ඇති CCTV කැමරා දර්ශනවල, පසුගිය සිකුරාදා ඇය සහ ඝාතන සාකකාර ඩි මරියා වැස්සෙන් ආරක්ෂා වීමට කුඩ දෙකක් යටින් කලබලයකින් තොරව ඇවිද යනු දක්නට ලැබුණි. චමිලා ඩෙනිම් ඇඳුමක් ඇඳ සිටි අතර, එය ඇගේ සිරුර සොයා ගන්නා විට ඇය ඇඳ සිටියේද එම ඇඳුම්ම විය.
ඩි මරියා නමැති ඝාතන සැකකරු මීට ඉහත විවාහවී සිටි බිරිය ගාතනය කළ අයෙකු බව පැවසිණි. 2016 දී, කැස්ටෙල් වෝල්ටුර්නෝ හි දී, 23 හැවිරිදි ටියුනීසියානු කාන්තාවක වන ඔමායිමා රාෂේ ඝාතනය කිරීම නිසා සිර දඬුවම් ලබමින් සිටියේය. ඝාතනයට පසු ඔහු ජර්මනියට පලා ගොස් 2018 දී නැවත අත්අඩංගුවට ගැනුණි. ඔහු මුලින් සෙකොන්ඩිග්ලියානෝ බන්ධනාගාරයේ රඳවා තබා, පසුව ඔහුව බොලාටේ බන්ධනාගාරයට මාරු කරන ලදී. එහිදී, 2030 දෙසැම්බර් මාසයේ දී මුදා හැරීමට නියමිතව තිබිය දී, ඔහුට බන්ධනාගාරයෙන් පිටත වැඩ කිරීමේ අවසරයක් ලැබුණි.
චමිලා සේවය කළ මිලානෝහි හෝටල් බෙර්නාහි පිළිගැනීමේ කවුන්ටරයේ ස්ථිර සේවකයෙකු ලෙස ඔහු වැඩ කරමින් සිටියේ සිර දඩුවම් විඳින අතරවාරයේය.
මෙම හෝටලයේම චමිලා සේවය කළ අතර ඔහු හා ඇය අතර සමීප සම්බන්ධයක් පැවති බව කියැවිණ. CCTV දර්ශන අනුව, පසුගිය සිකුරාදා, වැඩ අවසන් කළ පසු ඩි මරියා බන්ධනාගාරයට ආපසු නොගිය අතර, ඔහු චමිලා හමු වූයේ ඔවුන් කලින් දිනයේදීද සිදු කළ ආකාරයටය.
හෝටලයේ සේවකයින්ගේ සැකය මුලින්ම මතු වූයේ, චමිලා සිකුරාදා වැඩට නොපැමිණීම ගැනයි. ඒ ගැන ඇගේ සැමියාට ඔවුන් දැනුම් දී ඇත.
ඔහු ඇය සොයමින් සිටියදී ATM සේවකයෙකු බිග්නාමි මෙට්‍රෝ නැවතුම් පොළ අසල කුණු කූඩයක ඇගේ ජංගම දුරකථනය සොයා ගත්තේය.
පසුව එම පරිසරයේ CCTV දර්ශන අධ්‍යයනය කිරීමෙන් පොලිසියට තහවුරු වූයේ ඩි මරියා සහ චමිලා උතුරු උද්‍යානය ආසන්නයේ ඇවිදින ආකාරය පටිගතවී ඇති අයුරුය. පැය දෙකකට පසු තවත් කැමරා පද්ධතියක් මගින් ඝාතන සැකකාර ඩි මරියා තනිවම මෙට්‍රෝ නැවතුම් පොළේ සිටින අයුරුද වාර්තා විය.
සෙනසුරාදා (මැයි 10) උදේ, ඩි මරියා එම හෝටලයේම කැන්ටිනයේ සේවය කළ ඊජිප්තු ජාතික, හානි නස්ර් නම් වූ 51 හැවිරිදි සේවකයාට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කරන ලද තවත් සිද්දියක්ද වාර්තා විය. ඊජිප්තු ජාතිකයා බරපතල තුවාලවලින් බේරා ගැනීමට නොයෙකුත් ශල්‍යකර්ම සිදු කර තිබූ අතර, දැන් ඔහු ජීවිත අනතුරෙන් බේරී සිටී. ඔහුව හැකි ඉක්මනින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
ඩි මරියා සැබෑ ලෙසම රාත්‍රිය පුරා සැඟවී සිට සෙනසුරාදා උදේ 6.00 පමණ නස්ර් මහතා හෝටලයට පැමිණෙන තෙක් බලා සිට, ඔහුට පිහි ඇනුම් පහක් එල්ල කර, පලා ගිය බව පරීක්ෂකයන් උපකල්පනය කරයි.
සිදුවීම්වල සබැඳියාව හඳුනාගත් පසු, පොලිසිය සහ කැරබිනියරි (ඉතාලි අර්ධ හමුදා පොලිසිය) වහාම ඩි මරියා සහ චමිලා සෙවීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය. නාසර්ට කළ පහාරයෙන් පසු ඩි මරියා විදේශයකට පලා යන්නට ඇතැයි සැක කළ ඔවුන්, Polfer (දුම්රිය පොලිසිය) ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කළහ. ඔහු 2016 ඝාතනයෙන් පසු ජර්මනියට පලා ගිය ආකාරයට මෙවරත් එසේ පලා යන්නට ගත් උත්සාහයක් යැයි සැක කර තිබුණි.
සඳුදා (මැයි 12) දවල් කාලයේ, පරීක්ෂණ ඉතා භයානක මුහුණුවරක් ගත්තේය. සොයමින් සිටි පුද්ගලයා, ඩි මරියා, මිලානෝ ඩුඔමෝ කතෝලික දේවස්ථානය නැරඹීමට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගෙන, ගොඩනැගිල්ලේ ඉහළ ටැරස් සිට මීටර් 60 කට වඩා වැඩි උසකින් පැන, හදිසි මරණයකට පත්ව සිටිනු වාර්තාවී තිබුණි.
ඝාතනයක් හා ඝාතන ප්‍රයත්නයක් යන අපරාධ දෙකක් කර සියදිවි නසාගන්නට ඔහු කටයුතු කරේ ඇයිදැයි පැහැදිලි නැත. මිලානෝ ඩුඔමෝ කතෝලික දේවස්ථානයේ මුදුනේ සිට
ඔහු සංචාරකයින් දහස් ගණනක් ඉදිරිපිට ඔහු දිවිනසාගෙන තිබුණි.
දේවස්ථානය අසල කඩ හිමිකරුවකු වන තොම්මාසෝ, සිදු වූ දේ පිළිබඳව සාක්ෂි දරමින්: “මට ලොකු ශබ්දයක් ඇසුණා, මිනිසුන් එවිට පලා යනු දුටුවා. දහවල් 2යි 10ට පමණ වෙන්න ඇති, මම ඒ හඬ ඇසුවාම භය වුණා. කඩයෙන් එළියට ගොස් බිම වැටී සිටි පුද්ගලයා දුටුවා. පොලිසිය මිනිත්තු 10ක් ඇතුළත පැමිණියා.”
35 හැවිරිදි එමනුවෙලේ ඩි මරියා දිවිනසාගන්නට පෙර, ඔහු සිය ජීවිතයේ දෙවන ස්ත්‍රී ඝාතනය ද සිදු කළ බව පෙනේ.
මිලානෝ පොලිසිය සහ කැරබිනියරි දැන් ඩි මරියා විසින් සිදු කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් විමර්ශනය කරමින් සිටින අතර, චමිලා වීරසූරිය මහත්මිය ඝාතනය කිරීමට ඔහුව පොළඹවා ඇති හේතුව සොයා ගැනීමට උත්සාහ කරයි. තේරුම් ගැනීමට අපහසු සිද්ධීන් මාලාවෙහි, ඩි මරියා සහ චමිලා අතර කිසියම් සම්බන්ධතාවක් තිබූ බවට ඉඟි පවතින අතර, චමිලාට හානි නස්ර් සමඟ යම් ප්‍රේම ත්‍රිකෝණයක් තිබූ බවත් සැක කෙරේ.
ඊජිප්තු ජාතික නස්ර් මහතා දැන් රෝහලේ ජීවිත තර්ජනයෙන් බේරී සිටින අතර, ඔහුගේ ප්‍රකාශය ගත් පසු විමර්ශන පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිරුරේ පිහි තුවාල පිළිබඳ විස්තර සහිත චමිලා වීරසූරිය මහත්මියගේපරීක්ෂණ වාර්තාව ඉදිරි දිනවල අපේක්ෂා කෙරේ. ඇයගේ උගුරේ සහ ඉදිරිපස අත්වල තිබූ පිහි තුවාල ඇය තමන්ව ආරක්ෂා කර ගැනීමට සටන් කරන්නට ඇති බව පෙන්නුම් කරයි.
මෙම කරුණාන්ත සිද්ධිය ඉතාලියේ බන්ධනාගාර අධිකාරීන් විසින් සිරකරුවන්ට බන්ධනාගාරයෙන් පිටත වැඩ කිරීමට අවසර දීමට ගෙන ඇති පටිපාටි සහ ඒවායේ සුදුසුකම් පිළිබඳව නව සංවාදයක් ඇති කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. හෝටල් බෙර්නා හි ශෝකයට පත්ව සිටින චමිලා වීරසූරිය මහත්මියගේ පවුල, ඇයගේ ආදරණීය බව සහ කැපවීම පිළිබඳව සිහිපත් කරමින් සිටිති.






Saru FM Media