ප්‍රසන්න රණවීරගේ පෙත්සම විභාගයට දින දෙයි!

0
10


කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ?නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ඇල්දි.

කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරිම සඳහා පවරා ගෙන තිබුණු රු. කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා එම පෙත්සම ගොණු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here