Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ප්‍රවීණ ගායක සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායක සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

0
6


saman-de-silva-no-more

දශක හතරක් පුරා ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අනභිභවනීය චරිතයක් වූ ප්‍රවීණ බයිලා ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (අප්‍රේල් 27) ශ්‍රීමත් ජෝන් කොතලාවල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මරණය සිදුවන විට ඔහු 69 වන වියේ පසුවිය.

1975 වසරේ පමණ සිය පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි සමන් ද සිල්වා මහතා, මෙරට සංගීත ලෝකයේ සුවිශේෂී පුරුකක් ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම බයිලා සංගීත ශෛලිය තුළ ඔහුගේ දායකත්වය අති විශාල විය.
ඔහු විසින් ගායනා කරන ලද “නියරේ පියනගලා”, “පුංචි කුරුළු කූඩුවේ”, “එපා එපා රැවටෙනු (සුරූපී විරූපී)”, “සංතෝස වෙන්න ප්‍රීති වෙන්න”, “තනතිල්ල දිගේ”, “පුරහඳ නැගුණා”, “අයරින් ජොසපින්”, “දෙව්ලොව දෙවියනේ”, “හඬවලා සිතක්”, “පිණිබර සීතා යාමේ” සහ “මතකයි අම්මේ” වැනි ගීත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇත.
සමන් ද සිල්වා මහතා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර,
එක්සත් ජාතික පක්ෂයේ කලා සංසදයේ ජාතික සංවිධායක තනතුර ද හොබවා ඇත. ඊට අමතරව, ඔහු පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඇත.
තම සංගීත සංදර්ශන සඳහා සමන් ද සිල්වා මහතා ලොව පුරා බොහෝ රටවල සංචාරය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ නියෝජනයට ද දායක වී ඇත.කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සමන් ද සිල්වා මහතා මොරටුව ප්‍රදේශයේ වාසය කළේය.
ඔහුගේ අභාවයත් සමඟ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සුවිශේෂී හා අනුපමේය ගායන ශිල්පියෙකු අහිමි වී ඇත.
අවසන් කටයුතු සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමන් ද සිල්වා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට, හිතවතුන්ට සහ රසිකයින්ට අපගේ බලවත් සංවේගය පළ කර සිටිමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here