ප්‍රබල අනතුරු ඇඟවීමක් – Saru News | සිංහල

0
3

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික ලිපිගොනුවල තිබූ ලිපි පිටපත් කුමන්ත්‍රණකාරීව මාධ්‍යවලට මුදා හැරි පුද්ගලයින් සම්බන්ධයෙන් ඉහළම දඬුවම් ලබා දිය යුතු බවට අවධාරණය කරන අතර, එවැනි කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබීය.

එලෙස අනතුරු ඇඟවීම කරනු ලැබුවේ ස්වාධීන විගණන නිලධාරීන් නියෝජනය කරමින් සහ එම දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය රැක ගැනීමට ක්‍රියාත්මක වන නිලධාරීන්ගේ සාමුහික අදහසක් අනුව ය. නව විගණකාධිපති සමුද්‍රිකා ජයරත්න එම තනතුරේ වැඩ බාර ගැනීම නිමිත්තෙන් ඊයේ (05) පැවැත්වූ උත්සවයක දී මෙම කරුණු අවධාරණය කෙරිනි.

අදාළ ලිපිගොනුවල පිටපත් මාධ්‍යයට මුදා හැරීම පිළිබඳව මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය රැක ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අදහස් පළ කළ වීඩියෝවක් පහත දැක්වේ.

විපක්ෂයෙන් විගනකාධිපතිණියට එල්ල කළ බරපතල දුෂණ චෝදනාවට දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියාගෙන් උත්තර


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here