ප්‍රදේශ කිහිපයකට  වැසි

0
4

අද (09) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here