පළාත් සභාවල අතුරුදන් වූ වාහන ගැන විමර්ශන අරඹයි

0
11


පළාත් සභාවලට අයත් අතුරුදන්ව ඇති වාහන පිළිබඳ සෙවීම ආරම්භකර ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා ඇතැම් නිලධාරීන්ට භාවිතයට මුදාහැර ඇති ඇතැම් වාහන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම විමර්ශනය ආරම්භ කළ බව ඔහු පැවසුවේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රජයට අයත් එම වාහන අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here