ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂා ජා මහතා, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පළාත් සභා මැතිවරණයට සූදානම් වන්නැයි දන්වා ඇතැයි වාර්තා වේ.
ඊට පිළිතුරු ලෙස හිටපු ජනපතිවරයා ‘‘අපි සූදානම්’’ යැයි පවසා ඇති බවද පැවසේ.
ඒ පසුගියදා මහ කොමසාරිස්වරයා හා හිටපු ජනපතිවරයා ඔහුගේ මල් පාරේ පිහිටි කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.
මේ හමුව හිටපු ජනාධිපතිවරයාට සහ මහ කොමසාරිස්වරයාට පමණක් සීමාවී තිබූ බවද පැවසේ.
කෙසේවුවද, සන්තෝෂ් මහතා හිටපු ජනපතිවරයා හමුවන්නට මල් පාරට පැමිණෙන අවස්ථාවේ හිටපු ජනපතිවරයා විපක්ෂයේ නියෝජිතයන්ගේ පිරිසක් සමඟ සාකච්ඡාවක සිට ඇති අතර එය අවසන්වන තෙක් මහ කොමසාරිස්වරයා විනාඩි දහයක් පමණ නිල රථයට වී සිටි බවද වාර්තා වේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී ඔවුන් කතා බහ කළ බව පැවසේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක් පැමිණ හමුවේ ඡායාරූපයක් ගෙන පසුව මාධ්‍යයටද ලබාදීමට කටයුතු කර තිබිණි.
මූලාශ්‍රය – සතිඅග අරුණ
Saru News













