ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සහ අදාළ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇත.
අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව පත් කිරීමට පියවර ගෙන ඇති බවයි කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ.
ඒ අනුව, කමිටුවට පත්කර ඇති සාමාජිකයින් වන්නේ,
- මුනීර් මුලෆර්
- නීතිඥ සුනිල් වටගල
- අරුන් හේමචන්ද්‍ර
- රංජිත් මද්දුම බණ්ඩාර
- මනෝ ගනේෂන්
- ලක්ෂ්මන් නිපුණ ආරච්චි
- ශානක්‍යන් රාජපුතිරන් රාසමානික්කම්
- සමන්මලී ගුණසිංහ
- ධර්මප්‍රිය විජේසිංහ
- චන්දන සූරියආරච්චි
- නිසාම් කාරියප්පර් යන මැති ඇමතිවරුන්ය.

The post පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන සමාලෝචනය කරන්න කමිටුව පත් කෙරේ! appeared first on LNW Sinhala.
Saru News










