පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන්න – අගමැති – Saru News | සිංහල

0
3

පළාත්  පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පාළාත් වෙත ලබා දී ඇති බවත් එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, ඒ අනුව පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසූවේ රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ ඊයේ (01) පැවති සුහද හමුවකදීය.

අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදැකීමට පැමිණි අගමැති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් තත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කළාය.

වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දෙමින් දිස්ත්‍රීක් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, 2027 වසරේ සිට 06 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට කටයුතු කරන අතර නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළඳ,  වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්, මොනරාගල දිස්ත්‍රික් ලේකම්, බුත්තල ප්‍රාදේශිය ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here