පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව උපරිම වියදම් සීමාව ගැසට් කෙරේ

0
16


පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව උපරිම වියදම් සීමාව ගැසට් කර තිබෙනවා.

පත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ලිඛිත නීතියක් යටතේ පිහිටුවා ඇති සෑම පළාත් පාලන ආයතනයක් සඳහා සභිකයයන් තෝරා පත් කර ගැනීම පිණිස,

2025-05-06 දින පවත්වනු ලබන ඡන්ද විමසීමේදී තරග කරන සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම, ස්වාධීන කණ්ඩායමකටම හා අපේක්ෂකයෙකුටම 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් පළාත් පාලන ආයතනයේ ඒක් ඒක් ජන්ද කොට්ඨාසයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාව හෙවත් අවසර ලත් මුදල පිළිබඳ තොරතුරු  ලේඛනයක් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙනවා.

සියලුම දේශපාලනපක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විමසා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම උපරිම වියදම් සීමාවන් තීරණය කිිිිරීමටයි මැතිවරණ කොමිසම කටයුතු කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here