පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් නියෝගයක්

0
15


කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද යළි නියෝග කළා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවක් ඇතිවුණා.

ඒ අනුව දැනට භාර ගැනීමට එකඟතාවකට පත්වී තිබෙන නාම යෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු  සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here