පළාත් පාලන ආයතන බලය පිහිටුවීම : කොළඹ ස්වාධීන කණ්ඩායම් සහ ජනපති අනුර අතර සාකච්ඡාවක්

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

2025 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායම්වලත් කුඩා පක්ෂවලත් සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ (මැයි 19) පැවැත්වී තිබේ.

ඒ, බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී ය.

සභිකයින් 8 දෙනෙකු පමණ ඊට සහභාගී වී ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සුබවාදී බවයි එම නියෝජිතයින් පැලවත්ත මූලස්ථානයෙන් පිටව යද්දී මාධ්‍ය වෙත සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගරසභාවේ ආසන 48ක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලැබී ඇති ආසන එකතුව 69ක් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here