‘පළමු සහ අවසන් දැනුම් දීම! ප්‍රාදේශීය සභාවල බලය අල්ලන්න ලෑස්ති වුණොත් මරනවා!’ සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාරට ලියුම් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

0
4


සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට මරණ තර්ජන එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.Sri Lanka Latest News

මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් හට නිර්නාමික ලිපි මගින් අදාළ මරණ තර්ජන සිදු කළ බවයි.

එම ලිපිවල සඳහන් වන්නේ; මැදවච්චිය හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා පිහිටුවා අවසන් බවත්, වෙන යම් කිසි දෙයක් සිදු කිරීමට හෝ බලය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ කළහොත් අවසානයේ මරණය අත්වන බවත් දැක්වෙන බවයි.

අදාළ සිදුවීම ගැන අනුරාධපුර පොලිසියට ඊයේ (15) මන්ත්‍රීවරයා විසින් පැමිණිල්ලක් ද ගොනු කරනු ලැබුවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here