පළමු දිනයේදීම ජනාධිපති කාර්යාලයේ වාහන 17ක් අලෙවි වෙයි

0
5


ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද පැවැත්වුණා. 

ඒ අනුව හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු වාහන 26ක් මෙලෙස වෙන්දේසි කර තිබුණා. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඉන් වාහන 17ක්ම අද දිනයේදී අලෙවි වූ බවයි. 

ඒ අනුව වී එයිට් වර්ගයේ ජීප් රථ 06ක්, නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රථ 03ක්, මිට්සුබිෂි මොන්ටෙරෝ රථයක්, ඊඵඋ මෝටර් රථ 01ක්, ඇතුළු සුඛෝපභෝගී වාහන 26ක් එම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා.  

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබෙනවා.  

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර  අද පැවති වෙන්දේසියේදි වාහන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් උපයාගෙන ඇති අතර මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here