පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡා

0
3


ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය බ්‍රිතාන්‍ය මන්ත්‍රී බොබ් බ්ලැක්මන් හෙළා දැක තිබෙනවා.

සින්ඩෝර් මෙහෙයුම යටතේ පාකිස්තානයට එරෙහිව ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගයට ද කොන්සර්වේටිව් මන්ත්‍රීවරයා සහාය පළ කළ අතර පකිස්ථාන පාලනයේ ඇති කාශ්මීරයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත කඳවුරුවලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් රජයෙන් ඉල්ලා සිටියා.

ඔහුගේ ප්‍රකාශයේ පැහැදිලිවම ලෂ්කර්-ඊ-තායිබා වැනි ත්‍රස්තවාදී සංවිධානවලට රැකවරණය සැලසීමට පකිස්ථානයේ සම්බන්ධය කෙරෙහි අවධානය යොමු වූ අතර, එහි ශාඛාවක් වන ද රෙසිස්ටන්ස් ෆ්‍රන්ට් මීට පෙර ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.

ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය “භයානක” ලෙස හැඳින්වූ අතර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඉන්දියාව සහ පකිස්ථානය යන දෙඅංශය සමඟම කටයුතු කරන බවට සහතික වුණා.

කල්පවත්නා සාමය සහතික කිරීම සඳහා දෙරටටම සහයෝගය අවශ්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළා.

පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරය මීට පෙර ද බ්ලැක්මන් හෙළා දැක ඇති අතර, ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඉන්දියාව ගන්නා පියවරයන්ට පූර්ණ සහාය ලබා දෙන ලෙස ඔහුගේ රජයෙන් ඉල්ලා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here