පහ හත වෙලා හත හය වෙයි

0
5

නිශ්මං රණසිංහ ,මාර්තු 12, කොළඹ LNW:

ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය සඳහා සහභාගිවීමට ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ එක් සහයක නිලධාරිනියක ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය යටතේ රැදෙන්නට තීරණය කළත්,පසුව එහි සිටි 21 හැවිරිදි ක්‍රීඩිකාවක වන මොහද්දේසේ සොල්ෆි (Mohaddeseh Zolfi) නැවත ඉරානයට යාමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

දකුණු කොරියාව සමඟ පැවති තරගයකදී ඉරාන ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉරානයේ ඇතැම් මාධ්‍යය ඉරාන පාපන්දු කණ්ඩායම දේශද්‍රෝහීන්ගේ මට්ටමෙන් සළකා ඇති කළ සමාජ විරෝධය හේතුවෙන් පළමුව ක්‍රීඩිකාවන් පස් දෙනෙකු නැවත ඉරානයට යාම ප්‍රතික්ෂේප කර තිබුණා.

සහ්රා ගන්බාරි (Zahra Ghanbari) (කණ්ඩායමේ නායිකාව),ෆාතිමා පසන්දිඩේ (Fatemeh Pasandideh),සහ්රා සර්බාලි (Zahra Sarbali),මෝනා හමූඩි (Mona Hamoudi),සහ අතීෆේ රමසාන්සාදේ (Atefeh Ramazanzadeh) එම ක්‍රිඩිකාවන් පස් දෙනායි.පසුව ඊට දැන් අදහස වෙනස් කරගෙන තිබෙන සොල්ෆි සහ සහයක නිලධාරිීනියක වන සහ්රා සොල්ටන් මෙෂ්කේ කාර් (Zahra Soltan Meshkeh Kar) එක්ව තිබුණා.

ඔස්ට්‍රේලියානු රජය මානුෂිකවාදි ප්‍රතිපත්ති මත රැඳෙමින් නිකුත් කරන වීසා මෙම කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබෙනවා.එම වීසාවලට අනුව ඔවුන්ට ස්ථීර වීසා සහ පුරවැසිභාවය සඳහා ද ඉදිරියේදි අයදුම් කිරීමට අවස්ථාව සැළසෙනවා.මොවුන්ගේ ක්‍රීඩා ජීවිතය ගැන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද විමසිල්ලෙන් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. Brisbane Roar කණ්ඩායම දැනටමත් මෙම ක්‍රීඩිකාවනට සිය කණ්ඩායම සමඟ පුහුණුවීමට ආරාධනා කර ඇති අතර කණ්ඩායමට ක්‍රීඩා කිරීමටනම් ඔවුන් විසින් සහතික කළ යුතු වැඩ පිළිවෙලක් ද සැකසී තිබෙනවා.කණ්ඩායමේ ඉහළ අනුමැතිය මෙන්ම ඔවුන් ඉරානයේ ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ඔවුන් ඉවත් වූ බවට වන අනුමැතියද ඒ සඳහා අවශ්‍යය වෙනවා.

එහෙත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මැදිහත්වීම මත ඉරානයෙන් මතුවිය හැකි ගැටළු විසඳා ගැනීමට අවශ්‍යයනම් Brisbane Roar ක්‍රීඩා සමාජයට හැකි වෙනු ඇතැයි සිතා ගත හැකි අතර ක්‍රීඩිකාවන් කෙතරම් හොඳට Brisbane Roar කණ්ඩායමේ දක්ෂතා සඳහා සුදුසු ද යන්න මත ඉදිරිය තීරණය කරනු ඇකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ පළමුවෙන්ම නැවතීමට තීරණය කළ ක්‍රීඩිකාවන් පස් දෙනා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති ටෝනි බෘක් ය.

The post පහ හත වෙලා හත හය වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here